කොළඹ වතු 26ක පුද්ගලයින් 61000 කට අධික පිරිසක් ජීවත් වන බවත් ,ඔවුන්ට නිවාස ලබා දීම සඳහා නව යෝජනාවක් පසුගිය දා ඉදිරිපත් කළ අයවැයේදි සම්මත වූ බවත් එහි ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද සඳහන් කළේ.
මේ යටතේ වතුවල ජීවත්වන පැල්පත්වාසීන්ට දෙස් විදෙස් ආයෝජකයින් විසින් නිවාස ඉදිකිරීමට නියමිතයි.
ඔවුන් ඒවායේ පදිංචි කරවීමෙන් අනතුරුව වතුවල ඉතිරි වන ඉඩ ප්‍රමාණය අයෝජකයින් සඳහා ආයෝජන ව්‍යාපෘතිවලට ලබාදෙන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින්ගේ යෝජනා භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
-P.M