subash

subash

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කර තිබේ.

තරුණයින් ගොවිතැනට ආකර්ශනය කර ගැනීමේ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට තීරණය කර තිබේ.

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ යටතේ 2018 වසරේ සිට ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාවට ලබානොදී වැඩි මිලට විවිධ කර්මාන්තශාලාවලට අලෙවි කර රජයට පාඩු කළ බව කියන සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ක්‍රීඩා සමාජ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ලිංගික සංසර්ගයට කැමැත්ත පළ කිරීමේ අවම වයස පිළිබඳ වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකදී හෙළිවී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන දෙවැනි වාරිකය සඳහා අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික සම්මේලනය අද (15) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ජනවාරි මාසයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට නියමිත අතර එහි අගමැති අපේක්ෂකත්වය ජී.එල්. පිරිස් මහතාට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන බව 'සතිය' පුවත්පත වාර්ථාකරයි.

Connet With Us