පොහොර වංචාකළ සමාගම් 07කට බැංකු වාර්තා කැඳවීමට නියෝග

Published in පුවත්
Friday, 15 December 2023 09:41

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ යටතේ 2018 වසරේ සිට ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාවට ලබානොදී වැඩි මිලට විවිධ කර්මාන්තශාලාවලට අලෙවි කර රජයට පාඩු කළ බව කියන සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසිනි.

කෘෂිකර්ම අමාත්‍යශයේ හිටපු ලේකම්වරුන් දෙදෙනෙකු විසින් සිදුකළ පැමිණිල්ලට අනුව පැවැත්වූ විමර්ශනයේදී මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ගෙන්වන ලද මෙම පොහොර අඩු මිලට ගොවීන්ට ලබාදිය යුතු වුවද පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් කිහිපයක් ඒවා ගොවීන්ට ලබානොදී වෙනත් කර්මාන්තශාලා වෙත වැඩි මිල ගණන් යටතේ අලෙවිකර ඇති බවට කරුණු තහවුරු වී ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් 18න් 7ක් පමණ මෙම වංචාව සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා තිබේ.න්තශාලාවලට අලෙවි කර රජයට පාඩු කළ බව කියන සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යශයේ හිටපු ලේකම්වරුන් දෙදෙනෙකු විසින් සිදුකළ පැමිණිල්ලට අනුව පැවැත්වූ විමර්ශනයේදී මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ගෙන්වන ලද මෙම පොහොර අඩු මිලට ගොවීන්ට ලබාදිය යුතු වුවද පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් කිහිපයක් ඒවා ගොවීන්ට ලබානොදී වෙනත් කර්මාන්තශාලා වෙත වැඩි මිල ගණන් යටතේ අලෙවිකර ඇති බවට කරුණු තහවුරු වී ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් 18න් 7ක් පමණ මෙම වංචාව සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා තිබේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us