IMF දෙවන වාරිකයට අනුමැතිය ලැබීම ගැන ජුලී චන්ග් සතුට පළ කරයි

Published in පුවත්
Friday, 15 December 2023 07:55

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන දෙවැනි වාරිකය සඳහා අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

තානාපතිනිය පෙන්වා දෙන්නේ මෙම පියවර ශ්‍රී ලංකාව සඳහා තීරණාත්මක පියවරක් බවත් එය රටේ ප්‍රගතිය සඳහා පමණක් නොව, තිරසර ප්‍රතිසංස්කරණ සහ වැඩිදියුණු කළ පාලනයේ අඛණ්ඩ වැදගත්කම අවධාරණය කරන්නක් බවත්ය. කෙසේ වුවද වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ජුලී චැන්ග් මහත්මිය ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මඟට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය හිමිවන බවද කියා සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය පසුගිය 12 දින සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව දෙවැනි ණය වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් ශ්‍රී ලංකාවට මුදාහැරීමට එම අරමුදල තීරණය කර තිබේ.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සතුටුදායක මට්ටමක පැවතීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන බවද එක් කාර්ය සාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක පසුගිය ජුනි මාසයේ අවසානය වන විට සපුරා තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටී.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us