ඉන්ධන ඉල්ලුම 50%කින් පහළට -පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට

Published in පුවත්
Thursday, 28 December 2023 08:50

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඉන්ධන සඳහා පාරි‍භෝගික ඉල්ලුම සියයට 50කින් පමණ අඩු වී ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි එහි සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු පැවසුවේ.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

"මිල ඉහළ යාමත් ජනතාව දැන් හුඟාක් වාහනවලින් ගමනාගමනය අඩුකරලා තියෙන්නේ. හුඟ දෙනෙක් පොදු ප්‍රවාහනයේ යනවා. පරණ තිබුණ පරිභෝජනය හා සසඳා බලද්දි ගොඩක් අය අත්‍යවශ්‍ය ගමන් සඳහා තමයි තෙල් ගහලා වාහනේ තියාගෙන ඉන්නේ. ත්‍රීවිල්, බයික් පොඩ්ඩ පොඩ්ඩ හරි ගහනවා. පිට පළාත්වල ෂෙඩ්වල මේක හොඳට පේනවා. ඒ පැත්තෙන් බලනකොට වෙළෙඳාම සෑහෙන අඩුවෙලා තියෙනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us