මැරෙන දවස හරියටම කියන විස්මිත මෙවලමක් අමෙරිකාවෙන්

Published in විදෙස්
Friday, 22 December 2023 09:52

යම්කිසි කෙනකු මිය යන දිනය නිශ්චිතවම කියන ගණිතමය මොඩලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෘත්‍රිම බුද්ධියේ ආකෘතියක් ලෙස නිර්මාණය කර ඇති life2vec නමැති මේ අපූරු මෙවලම භාවිත කරමින් ඕනෑම පුද්ගලයකු මිය යන දිනය පමණක් නොව ඔහු ජීවිත කාලය තුළ උපයා ගෙන ඇති මුදල් ප්‍රමාණය ද නිවැරැදිව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බවයි වාර්තා වන්නේ.

ඇල්ගොරිත ගණිත ක්‍රමවේදය අනුව අනාවැකි පළ කරන life2vec මෙවලම කෘත්‍රිම බුද්ධියේ නවතම භාවිතය වන chatbot ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත්, කෙනකු මිය යන දිනය නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් එය 78%ක් සාර්ථක බවත් මේ දක්වා සිදු කර ඇති පර්යේෂණවලින් පෙන්නුම් කර ඇතැයි එම විද්‍යාඥයන් සඳහන් කර තිබේ.

එම මොඩලයට පුද්ගලයන් මිලියන 6කගේ අතිවිශාල දත්ත සංඛ්‍යාවක් ඇතුළත් කරමින් පර්යේෂණ සිදු කර ඇති අතර, ආදායම, වෘත්තිය, පදිංචි ස්ථානය, විවිධ රෝගාබාධ සහ ගැබ් ගැනීමේ ඉතිහාසය ඇතුළුව දත්ත එම මොඩලයේ තැන්පත් කරමින් සිදු කර ඇති පර්යේෂණ සාර්ථක මට්ටමේ පවතින බව ද වාර්තා වේ.

life2vec මෙවලමේ නිවැරැදිභාවය තහවුරු කර ගැනීම සඳහා එම විද්‍යාඥයන් කණ්ඩායම වසර 2020දී මිය ගිය පුද්ගලයන් පිරිසකගේ 2008 සිට 2016 දක්වා වූ දත්ත ඇතුළත් කර සිදු කළ පර්යේෂණවලදී ඔවුන් 2020 වසරේදී මිය යන බව එම මෙවලම නිවැරැදිව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවත් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ඩෙන්මාර්ක නීතියට අනුව life2vec මෙවලම සම්පූර්ණ කළ යුතු නීතිමය කරුණු රැසක් ඇති බැවින් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ අපූරු මෙවලම සාමාන්‍ය ජනතාව අතරට මුදා හැරීම ප්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ.

-P.M

Last modified on Friday, 22 December 2023 11:03

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us