තොග සඟවා වැඩි මිළට විකුණු ලොකු ළුෑණු ගබඩා වටලයි

Published in පුවත්
Friday, 22 December 2023 11:34

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදී රටවල් රැසකින් ගෙන්වා තිබූ ලොකු ලූනූ තොග හමුවී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එම තොග ගෙන්වන ලද සමාගම් හෝ අලෙවි ජාලය සම්බන්ධයෙන් නිසි තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා එහි සේවය කරන පිරිස් සතුව නිශ්චිත ලේඛන නොතිබූ බවද මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය.

ඒ අනුව ඊට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර සඳහන් කළේය.

 

-P.M

Last modified on Friday, 22 December 2023 12:13

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us