සජබයේ ගැටුම් මැද සජිත් ඒකාධිපති වෙයි. පොහොට්ටු වියත්මඟ සමඟ සන්ධානය තීන්දු වෙයි. Featured

Published in Gossip
Saturday, 23 December 2023 11:33

ලබන වසරේ දී පැවැත්වීමට මැතිවරණ සඳහා මුහුණ දීමට සමගි ජන බලවේගයට තනිව නොහැකි වීම නිසා කවරහෝ පිරිසක් එකතුකරගෙන පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක වෙත ලබා දීමට ඊයේ (22) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

කෙසේ නමුත් රට බංකොලොත් කිරීමට දායක වූ පොහොට්ටුවේ 'වියත්මඟ' කොටස් එකතුකරගෙන සංධානයක් ගොඩනැගීම ගැන සජබයේ ප්‍රබලයන් ගනනාවකගේ විරෝධය පලවී ඇත. විශේෂයෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී සජබයේ අගමැති අපේක්ෂකධුරය පොහොට්‍ටුවේ ජී එල් පීරිස් වෙත ලබාදීමට ගෙන තිබෙන තීරණයට බරපතල විරෝධයක් එල්ල වී ඇත. එසේම පොහොට්‍ටුවෙන් පැමිණෙන පිරිස් සඳහා මුදල් සෞඛ්‍යය වැනි වැදගත් ඇමැති තනතුරු ලබා දීමේ පොරොන්දුව නිසා මෙතුවක් කල් සජබය වෙනුවෙන් වැඩ කළ ප්‍රබලයන් ගනනාවකට දෙවන පෙළට වැටීම සීදුවීමත්, මැතිවරණයේදී දිස්ත්‍රික් වශයෙන් නායකත්වයන් උසුලන මන්ත්‍රීවරුන්ට මෙම පොහො‍ට්ටු අපේක්ෂකයන් නිසා සිදුවන බාධාවන්ද මෙහිදී මෙම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

කෙසේ නමුත් එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජී.එල් පීරිස් වෙත අගමැති ධුරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡා කර එකඟතාවකට පැමිණ නොමැති බවය. කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර මද්දුම බණ්ඩාර පක්ෂය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ රට බංකොළොත් කිරීමට දායක වූ පොහොට්ටුවේ හිටපු මැති ඇමතිවරුන් සජබයට සම්බන්ධ කර නොගන්නා බවය. මෙම නිවේදනයට සජබයේ ගැටුම්කාරිත්වය අනුව නිකුත් කෙරුණක් බව පැහැදිලිය. ආරංචි මාර්ග පවසන ලෙස මද්දුම බණ්ඩාර ද සිටින්නේ සජිත්ගේ මතයට විරුද්ධ පාර්ශ්වයේය.

කෙසේ නමුත් සජිත් හිතවාදී එස්. එම්. මරික්කාර් සහ සුජීව සේනසිංහ වැනි පිරිස් අනිවාර්යයෙන්ම මෙම සන්ධානය පිහිටුවිය යුතු බවට දැඩි මතයක සිටී.

එමෙන්ම සජබයේ මත ගැටුම් උත්සන්න වීම නිසා සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායම ගන්නා තීන්දු තීරණ වලට එරෙහිව කවුරුන් හෝ අදහස් දක්වන්නේ නම් ඒ සියලු දෙනාට එරෙහිව දැඩි තීන්දු ගත යුතු බවත්, එවැනි පිරිස් තරාතිරම නොබලා පක්ෂයෙන් බවත් කළ යුතු බවත් එහිදී මෙම සජිත් හිතවාදී මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රබලයන් පවසන්නේ පක්ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දැන් අහෝසි කර ඇති බවත් සජිත් සහ ඔහුගේ අනුගාමිකය කිහිප දෙනාගේ ඒකාධිපතිත්වයට පක්ෂය යටත්කර ඇති බවය. මේ අනුව පක්ෂයේ විශාල පිරිසක් කළකිරීමට පත්ව ඇත. විශේෂයෙන්ම පොහොට්ටු මන්ත්‍රීවර්න්ගේ ජාතිකවාදී පටු මතවාද සමඟ සජබයේ ප්‍රතිපත්ති නොගැලපෙන බැවින් මෙම සන්ධානය පිහිටුවීමේදි සජබය මේ වන විට ප්‍රකාශකර ඇති ප්‍රතිපත්තිය විහිළුවට හා බැහැර කිරීමකට ලක් වන බවත් මෙම මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි. සජබයේ ආර්ථික ප්‍රතිපත්තිය, ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙල සමඟ අනුකූල වන්නකි. මේ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා සමඟ කටයුතු කළ යුතු බවට මත දරණ ප්‍රබලයන් ගනනාවක් පසුගිය කාලයේ උත්සහ ගත්තේ ඒජාපය සමඟ සන්ධානයක් ගොඩ නැගීමටය. කෙසේ නමුත් නව තත්වයන් නිසා මෙම ප්‍රබලයන් පක්ෂයෙන් ඉවත්වීම ඉක්මනින්ම සිදුවනු ඇති බවත් දැනගැනීමට තිබේ.

කෙසේ නමුත් අවසානයේදී අදහස් ප්‍රකාශ කොට ඇති සජිත් නියත වශයෙන්ම සන්ධානය පිහිටුවන බවත්, ඊට එරෙහිව කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් තමන් මින් ඉදිරියට දැඩි තීන්දු තීරණ ගැනීමට සූදානම් බවත් සදහන් කර ඇත.

Leave a comment

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us