කලාකරුවන්ට අධිකරණ අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Published in පුවත්
Tuesday, 26 December 2023 09:53

ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, සංස්කෘතික ආරක්ෂාව සහ වෘත්තීය සුභ සාධනය ඉලක්ක කරගත් සමස්ථ ශ්‍රී ලාංකීය කලාකරුවන්, කලා ශිල්ප සහ නිර්මාණ හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා ගෙන එනු ලබන නව පාර්ලිමේන්තු නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම දීර්ඝ කරයි.

ඒ අනුව 2024 ජනවාරි මස 20 දින දක්වා එය දීර්ඝ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ගෙන එනු ලබන අදාළ නව පාර්ලිමේන්තු නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම සිදු කෙරේ.

දිවයිනේ කලා ක්ෂේත්‍රයන්හි වෘත්තීය හිමිකම්, නිර්මාණ අයිතීන් සහ නිර්මාණ සුරක්ෂිතතාවයත් පිළීබඳව ඇතිවී තිබෙන ප්‍රායෝගික ගැටළු හදුනාගෙන කලාකරුවන් සහ කලා නිර්මාණ වල අයිතීන් සුරක්ෂීත කිරීම සඳහා බලපවත්වනු ලබන ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් සම්මුතීවල උපමානයන් ඇසුරු කරගන දේශීය කලාකරුවන්ගේ නිර්මාණ සහ වෘත්තීමය අයිතීන් සුරක්ෂිත කිරීම සහ ජාත්‍යන්තර හා දේශිය වශයෙන් පිළිගත් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබදව විවිධ කලා සංවිධානවලින් අධිකරණ අමාත්‍යාංශය වෙත ලැබෙන ඉල්ලීම් සහ අදහස් සැලකිල්ලට ගෙන පොදුවේ කලාකරුවන්ගේ වෘත්තීය අයිතීන් සුරක්ෂීත වන පරිදි පාර්ලිමේන්තු නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී ඇත.

ඒ පිළිබදව කලා සංවිධාන වල ප්‍රධාන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගිය 2023.12.07 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

අදාල සාකච්ඡාවේදී කලාකරුවන් සහ කලා සංවිධාන වල නියෝජිතයින් ඉදිරිපත් කල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන දිවයිනේ ප්‍රධාන කලා සංවිධාන නියෝජනය කරන නියෝජිතයින් විසිදෙනෙකු ඇතුළත්වන පරිදි ප්‍රවීණ සංගීතඥ, විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, අදාල කමිටුව සියලු කලාකරුවන්ගේ යෝජනා, අදහස් සැලකිල්ලට ගෙන මූලික වාර්තාවක් 2024 ජනවාරි මස 20 දිනට පෙර අධීකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අධීකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම පාර්ලිමේන්තු නව පනත් කෙටුම්පත සඳහා දීප ව්‍යාප්ත කලා කේන්ද්‍ර නියෝජනය කරන සංවිධාන වල අදහස් හා යෝජනා ඇත්නම් 2024 ජනවාරි මස 20 දිනට ප්‍රථම මාධ්‍ය උපදේශක (කමිටු ලේකම් – ) අධිකරණ අමාත්‍යාංශය, අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශය සියලුම කලා සංවිධානවලින් ඉල්ලයි.

-දිනමිණ

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us