සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ඓතිහාසික පියවරක්

Published in පුවත්
Saturday, 09 December 2023 12:27

සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මෙය ඓතිහාසික පියවරක් වෙනු ඇත. සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා මෙම යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් හරහා පිහිටුවනු ලබන අතර, අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර සංකල්ප පත්‍රිකාවක් ලෙස දැනට කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේ පවතී.

ගැටුම් සමයෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් සත්‍යය තහවුරු කරගැනීම, සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව, වන්දි ගෙවීම, සමාජ සහජීවනය තුළින් ජාතික සමගිය ශක්තිමත් කරන සහ ආරක්ෂා කරන නීති සම්පාදනයේ ඇතුළත් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙමගින් පම්පාදනය වෙනු ඇත.

ජනතාව අතීතයේ මුහුණ දුන් ගැටුම්කාරි තත්ත්වයන්ගෙන් මිදීමට අවැසි ප්‍රධාන අංගයක් වන සත්‍යය සොයාගැනීමට සෑම ශ්‍රී ලාංකිකයකුටම ඇති අනුලංඝනීය අයිතිය, පිළිගනිමින් මෙම යෝජිත කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

එසේම, ජාතික සමඟිය, සාමය, නීතියේ ආධිපත්‍යය, සහජීවනය, සමානාත්මතාව, ඉවසීම, විවිධත්වයට ගරු කිරීම සහ ශ්‍රී ලංකික ජනතාව අතර සංහිඳියාව තහවුරු කර, ශක්තිමත් කිරීමට මේ කොමිසම ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලංකාවේ බහු වාර්ගික සහ විවිධ ප්‍රජාවන් අතර ඇති නොගැළපීම් සහ අනාගතයේ නැවත ගැටුම් ඇති වීම වැළැක්වීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීමට යෝජිත කොමිෂන් සභාව මඟින් අපේක්ෂා කෙරේ.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) ඇතුළු ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධාන ප්‍රයත්නයට අදාළව පත් කර තිබූ පසුගිය කොමිෂන් සභා කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සමාලෝචනය, සලකා බැලීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමටද මේ කොමිෂන් සභාව අපේක්ෂා කරයි. රජය විසින් 2006දී පිහිටුවන ලද සංහිඳියා යන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බළකාය විසින් සම්පාදනය කරන ලද සොයාගැනීම්ද මේ කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගනු ලැබේ.

යෝජිත ස්වාධීන කොමිෂන් සභාව කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අපක්ෂපාතිව කටයුතු කරන බව සහතික කිරීම සඳහා රජය කැප වී සිටියි. යෝජිත නව නීතිය බලාත්මක වන තෙක් සත්‍යය සහ ප්‍රතිසන්ධාන යන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) නමින් අන්තර්වාර ආයතනයක් පිහිටුවීමටද රජය පියවර ගෙන තිබේ. මේ යෝජිත කොමිෂන් සභාව සඳහා අවශ්‍ය නෛතික සහ ප්‍රතිපත්ති රාමුව, මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සඳහා සත්‍යය සහ ප්‍රතිසන්ධාන යන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය දැනටමත් කටයුතු කරමින් සිටියි.

ස්වාධීන දේශීය කොමිසමක් පිහිටුවීමට පහසුකම් සැලසීම, අනෙකුත් අධිකරණ බල ප්‍රදේශවල සාර්ථක යන්ත්‍රණයන්ගෙන් ආභාසයන් සහ මගපෙන්වීම් අධ්‍යයනය මඟින් සත්‍යය, සංහිඳියාව සහ ජාතික සමඟිය ඇති කිරීම වෙනුවෙන් දේශීය විසඳුමක් සඳහා අවශ්‍ය පදනම ගොඩනැඟීම සත්‍යය සහ ප්‍රතිසන්ධාන යන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අරමුණයි.

මේ පරිවර්තනීය යන්ත්‍රණය හැඩගස්වාගැනීමට සහ අවසානයේ තිරසර සාමයට සහ ජාතික සමඟියට මඟ පාදාගැනීමට උපකාර වන, අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් සහ උපදේශනයෙන් කොමිෂන් සභාව ගොඩනඟා ඇති බව සහතික කිරීම සඳහා සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් දැනට මහජනතාව සහ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් පවත්වයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us