subash
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අලුත් ලේකම්වරයෙක්
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී.යූ. කේ මාපා පතිරණ පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම වත්මන් සභාපති රේණුක පෙරේරා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.
කළුකඩ මාෆියා වැටලීම් වලින් කෝටි 24ක් පාරිහෝගික අධිකාරියට
මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 20 දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ මුදලක් අය කරගැනීමට හැකිවූ බව පාරිහෝගික කටයුතු අධිකාරිය පවසයි.
දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තත් අධිවේගයේ ආදායමට හානියක් වී නැහැ- ආදායම ඉහළට
අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා (22) පැවැති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පැය දෙකක් ප්‍රමාද වී අධිවේගි මාර්ගවල ආදායම් එකතු කිරීම ආරම්භ කළ ද පසුගිය 21 වැනිදා සහ පසුගිය සතියේ බදාදා (15) ආදායම් සමඟ සංසන්දනය කිරීමේදී ආදායම් වැඩි වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
සැකකරු අල්ලන්න ඇළට පැන්න තරුණ පොලිස් නිලධාරියා අතුරුදන්
හෙරොයින් සම්බන්ධ සිදුවීමකට ජා-ඇළ පොලිසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවකු ඒ ආසන්නයේ ඇති ඇළට පැන පිහිනා පලා යෑමට උත්සාහ දැරීමේදී ඔහු අල්ලා ගැනීමට එම ඇළට පැන්න ආධුනික පොලිස් කොස්තාපල්වරයකු දිය පහරට හසුව ගසාගෙන ගොස් ඊයේ (23) අතුරුදන්ව ඇත.
මෙවර අයවැය තමයි අපි ණය ලබා නොගත් පළමු අයවැය නමුත් ණය නොගෙන වියදම් පියවා ගැනීමට වැට් බද්ද වැඩි කිරීමට සිදුවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. එසේම එහි ප්‍රතිඵලයක් ලෙස රජය සියලුදෙනා විවේචනයට ලක්වෙනමුත් ඉදිරියේදී මෙය අවබෝධ කරගැනීමට හැකි වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.
උසස් තනතුරු වලට යෝජනා කළ නම් අනුමත කරන්න පමා කරන්නේ කවුද ?
උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාවන්නේ ඇයි දැයි යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අර්ජුනගේ ප්‍රකාශය ගැන ජනපති කණගාටුව ප්‍රකාශ කරයි
ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා ක්‍රිකට් සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බව ජනාධිපති වික්‍රමසිංහ පවසා ඇත.
මිනි මැරීමට තැත් කළ 4කට 19 අවුරුද්දකට පසු මරණ දඩුවම ලබා දෙයි
පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවතක් අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වේ.
