සැකකරු අල්ලන්න ඇළට පැන්න තරුණ පොලිස් නිලධාරියා අතුරුදන්

Published in පුවත්
Friday, 24 November 2023 08:03

හෙරොයින් සම්බන්ධ සිදුවීමකට ජා-ඇළ පොලිසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවකු ඒ ආසන්නයේ ඇති ඇළට පැන පිහිනා පලා යෑමට උත්සාහ දැරීමේදී ඔහු අල්ලා ගැනීමට එම ඇළට පැන්න ආධුනික පොලිස් කොස්තාපල්වරයකු දිය පහරට හසුව ගසාගෙන ගොස් ඊයේ (23) අතුරුදන්ව ඇත.

ජා-ඇළ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යෑමට සූදානම් වීමේදී මෙම සිද්ධිය සිදුව තිබේ.

මෙම සැකකරු අධිකරණයට රැගෙන යෑමට පොලිස් කැබ් රියට නංවා ගැනීමට සිරමැදිරියේ සිට නිලධාරීන් පිරිසක් රැගෙන එමින් සිට ඇත.

එම අවස්ථාවේදී අත් මාංචු ද සමඟ සැකකරු පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ජා-ඇළට පැන පලා යෑමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් ද සැකකරු අල්ලා ගැනීමට ඇළට පැන ඇත.

එලෙස ඇළට පැන තිබූ ජා-ඇළ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමුර්ති පිරදාපන් (99033) වයස අවුරුදු 26 නිලධාරියා දිය පහරට හසුව අතුරුදන් වී ඇත.

අවිවාහකයකු වූ පොලිස් නිලධාරියා පරණ තැපැල් කන්තෝරුව පාර, පළමු පටුමඟ චාවකච්චේරි පදිංචි අයකු වේ. පලා යෑමට සූදානම් වූ හෙරොයින් සම්බන්ධ සැකකරු අනිත් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස පොලිස් භාරයට ගෙන තිබුණේ අංක 217, ශ්‍රී බෝධිරාජාරාම පාර පදිංචි එච්. අංජු ලක්ෂාන් නමැති අයකු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ජා-ඇළ පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසූරිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ කටයුතු සිදු කරයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us