subash
ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.
විදෙස් චිත්‍රපට ප්‍රදර්ශන බලපත්‍ර ගාස්තු සංශෝධනයක්
ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයඳුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අස්වැසුම සැප්තැම්බර් වාරිකය අද සිට . වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත දීමනා ගෙවා අවසන්
අස්වැසුම’ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළ මුදල් වාරික අද (23) සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව හිමි වේ.
කිසිම හේතුවකින් A/L කල් දාන්නෙ නැහැ - අමාත්‍යාංශය දැඩි තීරණයක
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් නිසා කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි
සීනී ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් එක්වරම වැඩි කිරීමට කටයුතු කිරීම හරහා මේ රටේ කිහිප දෙනෙකුට දැවැන්ත වංචාවක් සිදු කිරීමට අවස්ථාව සැලසීම මඟින් රටේ සාමාන්‍ය පාරිභෝගිකයන් මත එම බර පටවා තැබීම පමා වී හෝ ඉවත් කිරීමට රජය කටයුතු කර තිබීම ඉතා වැදගත්ය බව අවධාරණය කරමින් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී. මෙහි දී ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ සංවේදී අදහස් ගනනාවක්ම අඩංගුව තිබිණි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී සේවකයින් වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද (22) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
ආදිවාසීන් සඳහා පනතක් සකස් කළ යුතුයි -අධිකරණ ඇමති
වසර කිහිපයක සිට මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
අයවැය යථාර්තයක් කරමින් ගොවි ජනතාවට තාක්ෂණික උපකරණ කට්ටල
ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ගොවි ජනතාවට තොරතුරු හා උපදෙස් ලබා දීම සඳහා තාක්ෂණික උපකරණ කට්ටල ලබා දීම ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදුවිය.
IMMUNOGLOBULIN සිද්ධියේ විමර්ශනයට CID ය වෛද්‍ය සැපයුම් අංශයට පනී
ආන්දෝලත්මක ප්‍රමිතියෙන් තොර HUMAN IMMUNOGLOBULIN සිද්ධියේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ගොස් එහි ලිපි ලේඛන ගොනු තොගයක් ඊයේ (21) පෙරවරුවේ පරීක්ෂාවට ලක්කර තිබිණි.
