කෝටිපති ව්‍යාපාරිකයෙක් ගෙල වැලලාගෙන මරුට

Published in පුවත්
Thursday, 23 November 2023 08:12

ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ වෙම්බුවැව අංගම්මනගේ පදිංචිව සිටි ශානක දිසානායක (33) නමැති තිදරු පියකු බවයි සදහන් වන්නේ.

දෛනිකව හා මාස් පතා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් හා තවත් ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යමින් අදාළ තරුණ ව්‍යාපාරිකයා ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහදව සිටි අයකු බව පොලිසිය කියයි.

මොහුගේ බිරිය ද ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබියදී එයින් ඇය පාඩු ලැබීමත් සමඟ සැමියාගේ එකඟතාව මත විදේශ රටක රැකියාවක් සඳහා මාස 7කට පෙර ගොස් ඇති බව කියයි.

කෙසේ වෙතත් අදාළ තරුණ ව්‍යාපාරිකයා සියලු පහසුකම් සහිත දෙමහල් නිවෙසක් වෙම්බුවැව ප්‍රදේශයේ ඉදි කර තිබී ඇත. එහි ඔහු හා දරුවන් තිදෙනා පදිංචිව සිට ඇති බව ද කියයි. දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු ආණමඩුව නගරයේ පාසලක අධ්‍යාපන කටයුතු සඳහා යොමු කර සිට ඇත. සෑම දිනකම උදෑසන මෙම දරුවන් පාසල් බස් රථයට රැගෙන යන්නේත් නැවත දරුවන් පාසල නිම වී බස් රථයෙන් පැමිණි පසු රැගෙන ඒමට කටයුතු කර ඇත්තේත් මෙම ව්‍යාපාරිකයා විසින් බවත් පොලිසිය කියයි.

ඊයේ දරුවන් රැගෙන ඒමට බස් රථය අසලට ඔහු නොපැමිණි නිසා දරුවන් පා ගමනින්ම නිවෙසට පැමිණ ඇත. නිවෙස විවෘතව තිබීම නිසා පියා සොයමින් නිවෙස පුරා ගමන් කරමින් සිටියදී සිය පියා උඩු මහලේ කාමරයක බාල්කයක ලණුවක් ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටියදී වැඩිමල් දරුවා විසින් දැක ඇති බව කියයි.

ඉන්පසුව දරුවන් විලාප තැබීමත් සමඟ අසල්වැසියන් පැමිණ පොලිසියට දන්වා ඇති බවත් ඉන් පසුව සිරුර ඉවත් කර ඇති බවත් කියයි. ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පුත්තලම මූලික රෝහලට රැගෙන යෑමට සූදානම් කර ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. කෙසේ නමුත් මෙම තරුණ කෝටිපති ව්‍යාපාරිකයාගේ මිතුරන් පවසන්නේ මොහුට සියදිවි නසා ගැනීමට තරම් කිසිදු හේතුවක් නොතිබූ බවයි.

-දිනමිණ

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us