උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඊයේ (22) විභාගයට ගත් අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභ වී ඇත.
SC/FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස්කර ගැනීමත් සමඟ මෙම නඩුව නිෂ්ප්‍රභ වී තිබේ.
ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
-P.M