ආදීවාසී ජනතාවට තම සාම්ප්‍රදායික සංකල්පයන් ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ මුලික අරමුණ ඇතිව මෙම සාකච්ඡාව පැවති අතර ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් විසින් තම ප්‍රජාවට පවතින ගැටළු පිළිබඳව පැහැදැලි කළා.
ආදිවාසී ජනතාවට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් නොමැතිවීම, පැහැදිලි ලෙස නීති සම්පාදනයක් නොමැතිවීම, ඔවුන්ගේ සාම්ප්‍රදායික සමාජ , සංස්කෘතික , ආර්ථික, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විදීමට බාධාවන් පවතින බව ආදිවාසී නායකයා මෙහිදී සඳහන් කළා.
බදුල්ල, මොණරාගල, අම්පාර, මඩකලපුව හා පොලොන්නරුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් ලක්ෂ පහක පමණ ආදීවාසී ජනතාවක් සිටින අතර, එදිනෙදා ජන ජීවීතයේදී ඔවුන් ගැටළු රාශියකට මුහුණ දී ඇති බැවින් ඒ සඳහා විවිධ අවස්ථාවලදී විසදුම් ලබා දෙන බවට ප්‍රකාශ වුවත් මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බව ආදී වාසි නායකයා මෙහිදී පැවසුවා.
විශේෂයෙන් ආදීවාසී ජනතාව කොපමණ සංඛ්‍යාවක් මෙරට තුළ ජීවත් වන්නේ ද යන්න සංගණනයක් සිදු කළ යුතු බවත්, ආදීවාසී ජනතාවගේ උරුමයන් සුරක්ෂිතවීම සඳහා නව පනතක් ගෙන එන ලෙස ඉල්ලා සිටින බවත්, වනාන්තර මුලික කර ගනිමින් තම ජනතාව කරනු ලබන කටයුතු හා වැව් ආශ්‍රිතව කරනු ලබන ධීවර කර්මාන්ත කටයුතු සදහා පවතින නීතිමය තත්වයන් බාධාවක් බවත්, ආදිවාසී නායකයා මෙහිදී සඳහන් කළා.
නිලධාරීන් විසින් රාජකාරී කිරීමේදී හා ආදීවාසී ජනතාව සාම්ප්‍රදායික කටයුතු කිරීමේදී බාධාවන් මතුව ඇති බැවින් ඒ සඳහා නීතිමය යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් බව ද ආදිවාසී නායකයා පැවසුවා.
තම ජනතාවට සාම්ප්‍රදායික ක්‍රම ආරක්ෂා කර ගැනීමට පවතින බාධාවන් හේතුවෙන් ඔවුන් ආදි වාසී ජන කොටසින් ඈත්ව යන තත්වයක් මතුව ඇති අතර, ක්ෂද්‍ර මුල්‍ය ණය ආයතන මගින් ලබා දෙන ණය ලබා ගැනීම හේතුවෙන් ඒවා ගෙවා ගැනීමට නොහැකිව ආදීවාසී ජනතාව දැඩී පීඩනයට පත්ව සිටින බව ද ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් සඳහන් කළා.
මෙහිදී අදහස් දැක් වු අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළා.
“මෙරට ආදීවාසී ජනතාව තම සාම්ප්‍රදායික සිරිත් විිරිත් අනුගමනය කිරීමේදී ගැටළු රැසකට මුහුණ දී සිටින බව ආදිවාසී නායකතුමා සඳහන් කළා.
එමෙන්ම ආදිවාසී ජනතාව සඳහා පනතක් සකස් කළ යුතු බවත් ප්‍රකාශ වුණා.
කැනඩාව ඕස්ට්‍රේලියාව වැනි රටවල ආදිවාසී ජනතාව සඳහා පනත් තිබෙනවා.
නමුත් අපේ රටට ආදිවාසී උරුමයන් ආරක්ෂා කිරීමට පනත් අවශ්‍ය නැහැ.
එවැනි පනතක් සකස් කිරීම සුදුසු නැහැ.
වෙනම පනතක් සකස් කළහොත් ඔවුන් මේ රටේ වෙනම ජන කොටසක් ලෙස නීති ගත වෙනවා.
එය සුදුසු නැහැ.
ඒ වෙනුවට කළ යුතු වන්නේ ආදිවාසී ජනතාවගේ උරුමයන් ආරක්ෂා වන පරිදි රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමයි.
එම රෙගුලාසි සකස් කර අවශ්‍ය මුලික කටයුතු කිරීම සදහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්, වන ජීවි දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසීය, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරීය ඇතුළු ආයතනවලින් යුත් කමිටුවක් මගින් කටයුතු කරනවා.
එම කමිටුව විසින් ඒ සඳහා අදාළ යෝජනා සති දෙකක් තුළ ලබා දිය යුතුයි.
ආදිවාසී ජනතාව හා වනජීවි දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු ආකාරය සදහන් වන ගිවිසුමක් පවතිනවා.
නමුත් ආදිවාසී ජනතාවට පවතින සාම්ප්‍රදායික කටයුතු කිරීම එම ගිවිසුමට අනුව අපහසු බව පෙනී යනවා.
වනජීවි නිලධාරීන් හා ආදිවාසී ජනතාව දැඩි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
වනානාත්තර නීතින් දැඩිව ආරක්ෂා කරමින් ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සාම්ප්‍රදායික ක්‍රම ආරක්ෂා කිරීම සදහාත් අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුයි.
මේ පිළිබඳව තවත් සාකච්ඡාවක් දෙසැම්බර් 07 වැනි දින පවත්වනු ලබනවා.
එම සාකච්ඡාවේදී ආදිවාසී ජනතාව වෙනුවෙන් සකස් කරනු ලබන රෙගුලාසී පිළිබඳව සකච්ඡා කළ හැකියි.
නව රෙගුලාසි සකස් කිරීම තුළින් ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරක්ෂිත වන බව” ද අමාත්‍යතුමා සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්.හේරත්, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර,වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර, යන මහත්ම මහත්මීන්, නිතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.
-ITN
-P.M