එම අධිකාරිය සඳහන් කළේ වැටලීම් 22,000ක පමණ සංඛ්‍යාවක් තුළ සහල් වැටලීම් 3,151ක් සහ සීනි වැටලීම් 510ක් පමණ සිදුකර ඇති බවය.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම උත්සව සමයේ පාරිභෝගික ජනතාව මිලදී ගන්නා භාණ්ඩ සහ ආහාරවල සුරක්ෂිතතාව උදෙසා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැටලීම් සහ විමර්ශන තීව්‍ර කිරීමට කටයුතු යොදා තිබේ.
පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබා දෙන ලෙස ද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
-P.M