VAT එක වැඩි ඡන්දයෙන් සම්මතයි. බදු වදිනනොවදින ලැයිස්තුව මෙන්න   Featured

Published in පුවත්
Monday, 11 December 2023 21:01

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11 ) සම්මත විය.


2024 විසර්ජන පනත් කෙටුම්පතේ අද දිනට නියමිත කාරක සභා අවස්ථාවේ වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සදහන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

ඒ අනුව අද ප.ව 4.35 ට පමණ පැවති පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 98ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 41ක් හිමි විය. මේ අනුව වැඩි ඡන්ද 57 කින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත විය. අනතුරුව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් විය.

අද ප.ව 4.58ට පමණ පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 100ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 55ක් හිමි විය. මේ අනුව වැඩි ඡන්ද 45 කින් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

මේ අතර, අද පාර්ලිමේන්තුවේදී මුදල් පනත් කෙටුම්පත ද දෙවනවර කියවා, තෙවනවර කියවීම සංශෝධන රහිතව සම්මත විය.

ඉන් අනතරුව පරිපූරක ඇස්තමේන්තුව සඳහාද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය

වැට් බදු ආදාල වන සහ අදාල නොවන ආයිත්තම ලැයිස්තුව

1 copy2copy3 copy4 copy5 copy6 copy7copy8 copy9 copy10copy11 copy12copy

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us