තෙල් මිළ පහළට

Published in පුවත්
Friday, 01 December 2023 08:24

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට SINOPEC සහ IOC සමාගම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළ මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සශෝධනය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව මිළ ගණන් මෙලෙස සංශෝධනය වී තිබේ.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 356ක් ව පැවැති අතර එහි මිල රුපියල් දහයකින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 346කි.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 423ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 426කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 356ක්ව පැවැති අතර එහි මිල රුපියල් 27කින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 329කි.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 431ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 434කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 249ක්ව පැවැති අතර එහි මිල රුපියල් දෙකකින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 247කි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us