වවුචර්පත්වලට පොහොර ලබා නොගත් ගොවීන්ට පණිවුඩයක්

Published in පුවත්
Friday, 01 December 2023 08:15

පසුගිය යල කන්නයේ යුරියා පොහොර ලබා ගැනීම සඳහා රජය විසින්ගොවි ජනතාවට නිකුත් කළ වවුචර්පත්වලට අදාල පොහොර ලබා නොගත් ගොවීන් දෙසැම්බර් මස 15ට පෙර එම පොහොර ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

කෙසේවෙතත් මේ පිළිබඳව අවධානය යොමු කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර වවුචර්පත්වලට යුරියා පොහොර ලබා නොගත් ගොවීන්ට එම වවුචර්පත් මෙවර මහ කන්නය සඳහාත් භාවිතා කීරීමට අවසර දීමට පියවර ගන්නා ලෙස නිලධාරින්ට දැනුම් දුන්නේය.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යුරියා පොහොර නිකුත් කරනු ලබන අතර එම වවුචර්පත්වලට අදාල යුරියා පොහොර ගොවි ජනසේවා මධ්‍යස්ථාන මගින් දෙසැම්බර් මස 15ට පෙර ලබා ගත යුතුවේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us