සය වසරක් සිරබත් කෑ අප්‍රිකානුවන් 30 කට නිදහස

Published in පුවත්
Friday, 24 November 2023 11:31

වසර 06ක් රඳවා සිටි අප්‍රිකානු ජාතිකයන් 30 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබේ.

මෙම සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබූ ඔවුන්ගේ බඩුබාහිරාදිය ඔවුන්ට නැවත ලබාදෙන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසටද නියෝග කළේය.

මෙම තීරණයට එළබි ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් එම සැකකරුවන්ට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව විමසීමක් කර තිබු අවස්ථාවේදී ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයාගෙන් ලැබී තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මූල්‍ය වංචා සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අප්‍රිකානු ජාතිකයන් 30 දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන වැලිසර විදේශ රැඳවුම් කඳවුරක රඳවා තිබුණි.

කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවලදී මෙම සැකකරුවන් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වසර 06කට අධික කාලයක් වැලිසර විදේශ රැඳවුම් කඳවුරක ඔවුන් රඳවා සිටි නමුත් ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් චෝදනා ගොනුකර නොමැති බවද එය ඔවුන්ට කළ අසාධාරණයක් බවද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥ ශෂී ගුණවර්ධන අධිකරණයට පෙන්වාදී තිබේ.

මෙම සැකකරුවන්ගේ ආහාර වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 20ට අධික මුදලක් රජය වැයකර ඇති බවද ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වාදී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රිකානු ජාතික සැකකරුවන් 34 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2018 වසරේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් සිව් දෙනකුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබා ලබාදී තිබුණි.

ඒ අනුව ලබන වසරේ මැයි මස 16 වන දින එම සැකකරුවන් සිව් දෙනාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us