සාකච්ඡාකරුවන් ලෙස තාක්ෂණික නියෝජිත පිරිසක් සහ අමාත්‍යාංශ නිලධාරීන් 15 දෙනෙක් සහභාගීවන අතර මීට අමතරව පෞද්ගලික අංශයේ සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුළුවක් සඳහා මෙතෙක් සහභාගීකරවන විශාලතම තරුණ නියෝජිතයින් කණ්ඩායම ලෙස 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද දේශගුණ සමුළුවට සම්බන්ධ වේ.
එක්සත් ජාතීන්ගේ වැඩපිළිවෙල අනුව දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ශවයන්ගේ සමුළුවේ ප්‍රථම මණ්ඩපයට ශ්‍රී ලංකාව සිය සත්කාරකත්වය සපයනු ඇත. ඊට අමතරව එහිදී දේශගුණය සම්බන්ධ බහුවිධ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාව සහ ලොබි සාකච්ඡා කිහිපයක්ම ශ්‍රී ලංකාව විසින් මූලිකත්වය ගෙන කටයුතු කිරීමට නියමිතය.මේ අනුව
COP28 හි ප්‍රධාන සමුළුවට සමගාමීව පැවැත්වෙන අනෙක් වැඩසටහන් 25ක් මෙහෙයවීමට ශ්‍රී ලංකාව සූදානම් වන අතර, රාජ්‍ය නායකයින්ගේ සිට රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශය දක්වා දහස් ගණනක් පාර්ශවකරුවන් ඊට සහභාගී වනු ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති දේශගුණික විපර්යාස උපදේශක රුවන් විජේවර්ධන පවසන්නේ මෙම සමුළුවේදී ප්‍රධාන මුල පිරීම් තුනක් කෙරෙහි අවධානය යොමු කරන බවය. ඒ අනුව නිවර්තන කලාප මුලපිරීම, දේශගුණ යුක්ති සංසදය සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ විශ්ව විද්‍යාලය යන කරුණු පිළිබඳව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ අවධානය යොමු වෙයි.
පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ. දේශගුණ යුක්තිය සඳහා වන සටන දශක ගණනාවක් තිස්සේ විවිධ ආකාරවලින් සිදුවෙමින් පවතින බවත් දේශගුණික විපර්යාස බලපෑම්වලට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බවය.
කොහොම නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ දේශගුණික සමුළුවේදිත් තවත් ජාත්‍යන්තර සමුළු කිහිපයකදීමත් බරපතල ගෝලීය ගැටළුවක්ව පවතින දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් වෙනුවෙන් විශේෂ හඬක් නැඟ අතර එය ලෝක නායකයන්ගේද දැඩි අවධානයට ලක් විය. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් ජනාධිපති රනිල් ඉදිරිපත් කළ යෝජනා සහ චෝදනා අනුමත කරමින් ඔහු සමඟ පෙළට සිටගැනීම ද මෙහිදී සිදු විය. මේ අනුව මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ඇතුළ කණ්ඩායමට මෙම ගෝලීය අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් නායකත්ව භුමිකාවක් පැවැරී ඇත.