හිටපු ජනපතිවරු සහ හිටපු ජනපති බිරිද වෙනුවෙන් රජය වැය කරන මුදල මෙන්න ! Featured

Published in පුවත්
Saturday, 25 November 2023 11:42

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනපති බිරිඳහේමා ප්‍රේමදාස යන අය වෙනුවෙන් රජය වැය කරන් මුදල් ප්‍රමාණය අණාවරණය වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් PS/RTI/01/2023/205 යන නිල ලේඛනය එය හෙළි කරයි.

මේ අනුව ලේකම් දීමනා, ඉන්ධන දීමනා සහ විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් මාසිකව රුපියල් 3,715,350 ක් රජය වැය කරනු ලබයි.

මේ තොරතුරුවලට අනුව රණසිංහ ප්‍රේමදාස බිරිඳට ඒ රුපියල් 25,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 100,000 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 65,000 ක විශ්‍රාම දීමනාවක් ලබා දේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාසිකව රුපියල් 100,000 ක ලේකම් දීමනාවක් ද රුපියල් 679,950 ක ඉන්ධන දීමනාවක් ද රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ද ලැබේ.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් 50,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 679,950 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම දීමනාවක් හිමි වේ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් 100,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 679, 950 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම දීමනාවක් ලැබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට රුපියල් 100,000 ක ලේකම් දීමනාවක්, රුපියල් ලක්ෂ 5 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ලැබේ.

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව, සෑම හිටපු ජනාධිපතිවරයෙකුට සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳට හෝ සැමියාට, ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ විශ්‍රාම වැටුපක්, ඉන්ධන දීමනාවක් සහ ලේකම් දීමනාවක් හිමි වේ. එපමණක්ද නොව, ඔවුන්ගේ ජීවිත කාලය තුළ ජීවත් වීමට සුදුසු නිවසක් කිසිදු කුලී නොමැතිව ලබා දෙයි. මීට අමතරව ඇතැමෙකුට ආරක්ෂාව වෙනුවෙන් දීමනාවක් ලබා දෙන බවත් හෙළිව තිබේ.

මේ අතර තම විශ‍්‍රාම වැටුප පුද්ගලික භාවිතයට නොගෙන යම් අරමුදල්වලට බැර කළ යුතු බවටත් හිටපු ජනාධිපතිවරුන් විවිධ අවස්ථාවල මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබිණි. එහෙත්, ඒ සඳහන් කළ පරිදි අරමුදල්වලට එවැනි මුදල් බැර කර නොතිබූ නමුත් ඔවුන් මෙම දීමනා බැර කර ඇත්තේ ඔවුන්ගේ පුද්ගලික බැංකු ගිණුම්වලට පමණක් බව අනාවරණය වී තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට මාසිකව ගෙවනු ලබන දීමනා සහ වරප්‍රසාද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ වාර්ෂික අයවැයෙන් සාකච්ඡා කෙරේ. ඔවුන්ගේ දීමනා සහ වරප්‍රසාද පිළිබඳව මෙවරත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය. මෙම වැය ශිර්ෂය අනුව මෙම සමස්ථ වියදම් වෙනුවෙන් 2024 වසරට රුපියල් මිලියන 110ක් වෙන් කර තිබේ. මෙම වසර වෙනුවෙන් වෙන්කර තිබුණේ රුපියල් මිලියන 84කි.

සිලෝන්ටුඩේ ඇසුරෙණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us