මේ මස 27 (නොවැම්බර් 27, 2023) වෙනිදා නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පැවැත්වෙන උත්සවයකදී මෙම පදක්කම පළදවුනු ඇත. මේ වන විට ෆ්‍රෙඩී ගමගේ මහතා නැගෙනහිර ටිමෝරය බලා පිටත්ව ඇත.
ඉන්දුනිසියාවට යාබදව පිහිටා ඇති වර්ග සැතපුම් 5,743 ක පමණ කුඩා භූමියක් සහිත නැගෙනහිර ටිමොරයේ නිදහස් සටන දශක කිහිපයක් පුරා පැවැතුනකි. පෘතුගීසි යටත් විජිතයක්ව පැවැති නැගෙනහිර ටිමොරය 1975 නොවැ 28වෙනිදා නිදහස ලැබු අතර එදිනම ටිමෝරියානුවන් සිය නිදහස් රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම සිදු කළේය.
වත්මන් ජනපති රමෝස් හොර්තා ඒ නිදහස් රාජ්‍යයේ පළමු විදේශ ඇමතිවරයා විය. එහෙත් නැ.ටිමොරය සිය රජය පවත්වාගත හැකිව තිබුනේ දින කිපයක් පමණි.
1975 දෙසැම්බර් 07වනදා ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝරය බහලත්කාරයෙන් අල්ලාගෙන ම්ලේච්ඡ පාලනයක් ගෙන ගියේය.
මෙම පාලනයට එරෙහිව නැ.ටිමොර ජනතාව පෙරමුණු දෙකකින් සටන් කළේය. ඉන් එකක් වුයෙ ගරිල්ලා සටනයි. අනික වුයේ ලොව පුරා රටවල සහයෝගිතාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වු පුළුල් වැඩපිළිවෙලයි. මේ යටතේ 1994 මැයි මාසයේ පිලිපිනයේ මැනිලා නුවරදි සංවිධානය කෙරුණු නැ.ටිමොර ආසියා පැසිපික් පළමු සමුළුව තහනම් කරන ලෙස ඉන්දුනීසියාව විසින් පිලිපින රජයට බලකර සිටියේය.
කෙසේ වෙතත් සංවිධායකයන්ට අධිකරණයට ගොස් තිබුණ අතර එහිදි තීන්දු වුයේ සමුළුව පැවැත්විමට ඉඩ දිය යුතු බවය. එහෙත් විදේශිකයන්ට එය තහනම් විය.
එයට සහභාගිවිමට මැනිලා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගිය ෆ්‍රෙඩී ගමගේ,ඇතුලු පිරිසව රටින් පිටුවහල් කිරිමට සුදානම් වෙද්දි මේ අවස්තාව වාර්තා කිරිමට පැමිණි සිට මාධ්‍යවේදීන් අවධානයට නැගෙනහිර ටිමොර් නිදහස් අරගලය ගැන යොමුකරමින් ෆ්‍රෙඩි ගමෙග් මැනිලා ගුවන් තොටුපල මධ්‍යයේ විනාඩි 5ක පමණ කතාවක් පැවැත්විය.
එසැනින් ලොව පුරා මේ පුවත ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පලමු පුවත බවට පත්විය. ලංකාවේද පුවත් පත් කිපයක් ජායාරූප සහිත මුල්පිටු ජායාරුපයක් බවට මෙය පත්ව තිබිණි.
එතැන් පටන් ටිමොරයට නිදහස ලැබෙන තෙක්ම මෙරට ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඉදිරිපිටදි සෑම වසරකදිම විරෝධතා සංවිධානය කිරීමද ෆ්‍රෙඩී ගමගේ ප්‍රමුඛව "තුන්වන ලෝකයේ මිතුරෝ'' සංවිධානය විසින් සිදු කළේය.
කෙසේ නමුත් 1999 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ස්වයං නිර්ණ පනතක් මගින් ඉන්දුනීසියාව භූමියේ පාලනය අත්හැරීමට කටයුත් කළ අතර ටිමෝර්-ලෙස්ටේ ලෙස, එය 2002 මැයි 20 වන දින 21 වන සියවසේ පළමු නව ස්වෛරී රාජ්‍යය බවට පත් විය. නැ. ටිමොරයේ මුළු ජනගහනය මිලියන 1.2 ක් පමණ වේ.
ෆ්‍රෙඩී ගමගේ නැගෙනහිර ටිමොරයේ නිදහස් අරගලයට කළ ඒ දායකත්වය සිහිකරමින් ගෞරව සම්මාන පදක්කම් පිරිනැමිමට ඒම රජය තීරණය කරන්නේ ඒ අනුවය.
සමාජ සාධාරණත්වය වෙනුවෙන් අත්නොහරින අරගලයක යෙදී සිටින ෆ්‍රෙඩී ගමගේ මහතා පාසල් ජීවිත කාලය තුළදී පවා තම කාලය සහ ශ්‍රමය වැය කළේ පීඩිතයින්ගේ නිදහස වෙනුවෙනි. 1979/81 කාල වකවානුවේදී මීගමුව ශාන්ත මරියා මහා විදුහලේ උසස් පෙළ සිසුවකු ලෙස කටයුතු කරන කාලයේ දී මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය ස්ථාපිත කර එය ඉදිරියට ගෙන යාමට යොවුන් ෆ්‍රෙඩී ගමගේ මහතා කටයුතු කර තිබිණි.
මේ අතර බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස බී.ඒ උපාධියත්, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව උසස් ඩිප්ලෝමාවත් ලබා ගත්තේය.පසුව "තුන්වන ලෝකයේ මිතුරෝ'' නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඔහු විවිධ සමාජ ක්‍රියාකාරකම් වල නිරත විය.
මේ නිසාම ඔහුට මරණ තර්ජන වලට මුහුණ දීමට සිදු වූ අතර 88/ 89 භීෂණ සමයේදී තම ජීවිතය බේරා ගැනීමට දේශපාලන සරණාගතයෙක් ලෙස පිලිපීනයේ ගත කිරීමට සිදුවිය. නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලයට වැඩි දායකත්වයක් ලබා දීමට ඔහුට අවස්ථාව සැලසෙන්නේ එම කාල වකවානුවේදීය.
මීගමුව කේන්ද්‍ර කරගත් 'මීපුර' ප්‍රාදේශීය පුවත්පත ආරම්භ කළ ෆ්‍රෙඩී ඉතාමත් අවම පහසුකම් යටතේ එය ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති පුවත්පතක් බවට පත් කළ අතර හා මීපුර වෙබ් අඩවිය ද අද ජනප්‍රිය පුවත් වෙබ් අඩවියකි.
මෙම මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා මැර දේශපාලනය දේශපාලනයේ ගොදුරක්ව රෝහල් ගතවීමට පවා ඔහුට සිදු විය.