රාජ්‍ය රහස් හෙළි කිරීමේ වරදට සිරගත වූ ඉම්රාන් ඛාන් 28දා අධිකරණයට

Published in විදෙස්
Friday, 24 November 2023 10:10

සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා ලබන 28 වැනිදා පෙනී සිටින ලෙස ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය අගෝස්තු මාසයේදී සිරගත කරනු ලැබූ පාකිස්තානයේ හිටපු අගමැතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින පළමු අවස්ථාව වන බව ද වාර්තා වේ.

රාජ්‍ය රහස් පනත යටතේ ඉස්ලාමාබාද් නුවර පිහිටුවන ලද විශේෂ අධිකරණය ඊයේ එම නියෝගය නිකුත් කර ඇති අතර, ඉම්රාන් සමඟ සිරගත වී සිටින හිටපු විදේශ ඇමති ෂා මහමූද් කුරේෂී ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉම්රාන් ඛාන් සිරගත කරනු ලැබුවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී විදේශ රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් ලැබුණු ත්‍යාග භාණ්ඩාගාරයට ලබා දීම වෙනුවට නීති විරෝධී අයුරින් අලෙවි කිරීම සහ හිතවතුන් අතර බෙදා දීම පිළිබඳ පැවැති නඩු විභාගයකින් වරදකරු වීම හේතුවෙනි.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us