එමෙන්ම සෝමාලියාවේ ජලගැලීම් සහ වෙනත් ආපදා රැසක් ද වාර්තා වි තිබෙන අතර එමගින් සිදුවූ මරණ ගණන 69 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සොන්නා පුවත් සේවය මගින් වාර්තා කර තිබිණි.
එම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අසල්වැසි කෙන්යාවට ද බලපා තිබූ අතර එරට සිදුවූ මරණ ගණන 76ක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එය එරට ආපදා කළමනාකරණ ආයතනය මඟින් ලබාදුන් දත්ත අනුව ජලගැලීම්වලින් අවතැන් වූ සෝමාලියානුවන් ගණන ලක්ෂ 7 ඉක්මවන බව එම වාර්තා වල සදහන්ය.