subash

subash

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් (United Petroleum of Australia ) සමාගම ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සිල්ලර මෙහෙයුම් මෙම වසරේ මැද භාගයේදී ආරම්භ කිරීම සඳහා එහි බලපත්‍රය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර X (twitter) සටහනක් යොදමින් ප්‍රකාශ කරයි.

ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා.

"ටික්ටොක්" සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත අමෙරිකා එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබේ.

ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 90 ක් ලබා ගැනීම සඳහා රජය ඉන්දියාවෙන් පෙරේදා (12 ) ඉල්ලීමක් කර ඇති අතර, එරටින් ලොකු ළුෑණූ ආනයනය කළහොත් කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට ලබාදීමට හැකියාව පවතින බවයි රජයේ ආරංචිමාර්ග පවසන්නේ.

දකුණු පළාතේ පසුගිය දිනවල සිදුවු අපරාධ යළිත් සිදුනොවන ලෙසට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබේ.

අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා මතු වී තිබේ.

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අද (14) සිට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

Connet With Us