දකුණේ පාතාල මර්දනයට පොලිස්පති සැරසෙද්දී අදත් දකුණෙන් වෙඩි පත්තු වෙයි

Published in පුවත්
Thursday, 14 March 2024 09:02

දකුණු පළාතේ පසුගිය දිනවල සිදුවු අපරාධ යළිත් සිදුනොවන ලෙසට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබේ.

පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශවල පසුගිය දිනවල සිදුවු වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අදාළ ප්‍රදේශවල ඊයේ (13) සංචාරයක නිරත වු අතර අනතුරුව කොස්ගොඩ පොලිස් ස්ථානයේදී ගාල්ල සහ ඇල්පිටිය කොට්ඨාශවල ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ වාර්තා කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය, ප්‍රජා පොලිස් කොට්ඨාශය, පොලිස් විශේෂ කාර්යය බළකාය හා බුද්ධි අංශ ඇතුළු සියලු නිලධාරීන් කැඳවා මෙම අපරාධ විසඳීමේ දී එකිනෙක සම්බන්ධීකරණය වීම, තොරතුරු හුවමාරු කරගැනීම හා නිලධාරින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නියෝග ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අනාවරණය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පොලිස්පතිවරයා එහිදි උපදෙස් ලබා දී තිබේ.

මේ අතර අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්‍රදෙශයේ, මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් 'සමන්කොල්ලා' නැමැත්තාගේ නිවසට අද (14) අලුයම ⁣වෙඩි ප්‍රහරයක් එල්ල වී ඇත. 

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති අතර, අදාළ සිදුවීම වෙන අවස්ථාවේ සමන්කොල්ලා නැමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us