අද සිට දුම්රිය ආසන වෙන්කිරීම online හරහා පමණයි Featured

Published in පුවත්
Thursday, 14 March 2024 08:51

අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව රාජ්‍ය සේවකයින් සඳහා හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාවද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබේ.

ඒ සඳහා කිසිදු අය කිරීමක් සිදුකිරීමට තීරණය කර නොමැති අතර එලෙස මුදල් අය කිරීමක් සිදුවන බවට සිදුවන ප්‍රචාර අසත්‍යය බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර දුම්රිය මඟින් සංචාරක ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් "දුන්හිඳ ඔඩිසි" නමින් නව දුම්රියක් ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රේල් මස 05 වන දින සිට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අදාළ දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතය.

මීට පෙර ද දුම්රිය මඟින් සංචාරක ක්‍ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ අරමුණින් "ඇල්ල ඔඩිසි‍" සහ "සීතාවක ඔඩිසි" නමින් දුම්රිය දෙකක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us