ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය කරන්න සැරසේ - ගාලු කොටුවේ කාර්යාල රැසකුත් ඉවතට

Published in පුවත්
Thursday, 14 March 2024 08:44

ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා ගාල්ල හෝලුවාගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවය.

ගාල්ල කොටුව ආශ්‍රිතව පවතින රජයේ කාර්යාල රැසක් එම ස්ථානවලින් ඉවත් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ජනාධිපතිවරයා පවසයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

"අපිට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තියෙනවා. ඒක දියුණු කිරීමේ විශාල තැනක් තියෙන්නේ දකුණට. දකුණේ ප්‍රධාන වෙන්නේ ගාලු නගරේ. ගාලු කොටුවේ තියෙන රජයේ කාර්යාල සියල්ල ඉවත් කරලා හෝටල්, ආපන ශාලා දාන්න දෙනවා. තව කීදෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් ද ? මහ මෝදර රෝහල තියෙන තැනත් අක්කර 10ක් විතර තියෙනවා හොඳ සංචාරක කලාපයක් කරන්න. අපිට මුදල් දෙන්න තියෙනවා බන්ධනාගාරය ඉවත් කරන්න. මේ ප්‍රදේශයේ ම තියෙනවා ගොඩනැගිලි ගණනාවක් ඉවත් කරලා මෙතෙන පටන් ගන්න. එයාලා ඇවිත් හම්බ කරන්න ඕනේ. ගාල්ල අපේ ප්‍රධාන සංචාරක නගරය බවට පත්වෙන්න ඉඩ තියෙනවා. ඩොලර් 100, 50 ගන්න එක මදි. අපි ඩොලර් 200, 300, ගන්න බලන්න ඕනේ. ඒ කාලේ එක්කෙනෙක් කිව්වා ලංකාවේ ඇවිත් හොඳට ආප්ප කාලා යනවා. තමුසෙලා පිස්සෝ. අපි හිටියා නම් ඩොලර් 10කට තමා දෙන්නේ කිව්වා. අපි දැන් බලන්න ඕනේ උපරිම මුදල් ටික මේකෙන් ගන්න."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us