ක්ෂය රෝගීන් 14% කින් ඉහළට -2035 වන විට ක්ෂය රෝගය තුරන් කරන්න සැලසුමක්

Published in පුවත්
Thursday, 14 March 2024 08:31

මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් මහත්මිය සඳහන් කළේ, මේ වන විට පෙනහළුගත ක්ෂය රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නිසායා කාදර් මහත්මිය මේ බව සඳහන් කළාය.

"අපි මේ රෝග තත්ත්වය සඳහා නොමිලේ හඳුනාගැනීමේ පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමේ කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන් සෑම දිස්ත්‍රික්කයේම ළය රෝග සායන පවතිනවා. ඒ වගේම තමා ප්‍රතිකාර සඳහා රෝහල්වල අවශ්‍ය සියලු පහසුකම් සලසා තියෙනවා. ඒ වගේම 2035 වන විට මේ රෝගය තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතිනවා. ඒ තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා රෝගීන් වීම අපි 90%කින් අවම කරගන්න ඕනේ, ඒ වගේම මරණ සංඛ්‍යාව ඇති වීම 95%කින් අවම කළ යුතුයි. ඒ වගේම ක්ෂය රෝගියෙක් සඳහා දරන පිරිවැය අවම කිරීමත් මෙයින් අපේක්ෂා කරනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us