උෂ්ණ කාලගුණය මැයි දක්වා - ජල සැපයුමත් සීමා වෙයි

Published in පුවත්
Thursday, 14 March 2024 07:43

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා මතු වී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන අනෝජා කලුආරච්චි මහත්මිය පැවසුවේ, ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සපයන බවයි.

ඒ, ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවලයි.

පවතින වියලි සහ අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය සහ අධික ආර්ද්‍රතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජල පරිභෝජනය පසුගිය සති කිහිපය තුළ සියයට 15 කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසා තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස උස් බිම්වල වෙසෙන නල ජල පාරිභෝගිකයින්ට සහ ජල ව්‍යාපෘතිවලින් පිටත ප්‍රදේශවල ජීවත් වන අයට අඩු ජල පීඩනයක් අත්විඳිය හැකි බව එම නිලධාරියා පැවසීය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කිසිදු ප්‍රදේශයක ජල කප්පාදුවක් සිදු කර නොමැති නමුත් නල පානීය ජල මූලාශ්‍ර ලෙස භාවිතා කරන ගංගාවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පවතින උෂ්ණ කාලගුණය අඩු වැඩි වශයෙන් මැයි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ, සුළගේ වේගය අඩුවීම හා ප්‍රදේශ කිහිපයක පහළ වායු ගෝලයේ ජලවාශ්ප වැඩි වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

-P.M

Last modified on Thursday, 14 March 2024 10:27

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us