වී මිලදී ගැනීම සඳහා අයැදුම්පත් නිකුත් කිරීම අද සිට

Published in පුවත්
Thursday, 14 March 2024 07:36

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අද (14) සිට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පැවසුවේ, එම ප්‍රදේශවල හෙට (15) සිට වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි.

කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිවු, වව්නියා, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශ ඒ යටතට අයත් වේ.

වී මිලදී ගැනීම සඳහා 8%ක පොලියට ගොවි භාරකාර අරමුදලෙන් මිලියන 100ක ණයක් ලබාගත් බවත් සභාපතිවරයා පැවසුවේ ය.

කෙසේ වෙතත් වී මිලදී ගැනීම සඳහා රජයේ මුදල් ප්‍රතිපාදනයක් වෙන් කර නැත.

දැනට දකුණු පළාතේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබේ.

මේ වන විට වී අලෙවි මණ්ඩලය මගින් වී කිලෝ ලක්ෂයක් මිලදී ගෙන ඇත.

ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 105ක මුදලකටත්, සම්බා කිලෝවක් 120ක මුදලකටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 130ක මුදලකටත් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us