ඔස්ට්‍රේලියානු United Petroleum සමාගමත් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් Featured

Published in පුවත්
Thursday, 14 March 2024 22:30

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් (United Petroleum of Australia ) සමාගම ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සිල්ලර මෙහෙයුම් මෙම වසරේ මැද භාගයේදී ආරම්භ කිරීම සඳහා එහි බලපත්‍රය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර X (twitter) සටහනක් යොදමින් ප්‍රකාශ කරයි.

 

පසුගිය පෙබරවාරී 22 වැනි දින ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ දේශීය වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා වන ගිවිසුමක් අත්සන් කෙරිණි.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ සමාගමේ හිමිකරු ලෙස යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Eddie Hirsch විසින් අත්සන් කරන ලදී.

ඕස්ට්‍රේලියානු සමාගමට ශ්‍රී ලංකාව පුරා ඉන්ධන පිරවුම්හල් 150 ක් පවරා ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමේ අයිතිය ද ලබා දී ඇත.

ඒ අනුව යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට තුළ මෙහෙයුම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ ‘United Petroleum Lanka Pvt’ නමින් සමාගමක් සංස්ථාගත කර ඇති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CEYPETCO) හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇත.

මේ වන විට මෙරට සිපෙට්කෝ සමාගමට අමතරව ඉන්දියානු IOC සමාගම, sinopec චීන සමාගම සමග මෙරට ඛනිජ තෙල් වෙළඳාමට පිවිස ඇති අතර අමරිකානු shell සමාගමද නුදුරේම සිය මෙහෙයුම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

fu

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us