X-Press Pearl සමාගමෙන් වන්දි ඉල්ලා ලක් රජය පැවරූ නඩුවට නැව් සමාගම එරෙහි වෙයි

Published in පුවත්
Friday, 15 March 2024 08:02

X-Press Pearl නෞකාව අයත් සමාගමෙන් වන්දි ඉල්ලා ලක් රජය පැවරූ නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින් කළ ඉල්ලීමක් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

රක්ෂණ නියෝජිතයින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ, ලන්ඩන් අධිකරණය මගින් නැවෙන් වූ හානියට වන්දි සීමාවක් පනවා ඇති බැවින් එම නඩුව ප්‍රතික්ෂේප කරන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය නඩුව සඳහා විරෝධතා ගොනු කරන ලෙස රක්ෂණ සමාගම්වලට නියෝග කර තිබේ.

ඒ සඳහා සිංගප්පූරු වාණිජ මහාධිකරණය රක්ෂණ සමාගම් වෙත මාර්තු 24 වැනිදා දක්වා කල් ලබා දුන්නේ ය.

නඩුව යළිත් ජූලි පළමු වැනිදා කැඳවීමට නියමිතයි.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ නිතිපතිවරයා ගොනු කළ විරෝධතා සඳහා නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින්ට ප්‍රතිවිරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, මැයි 24 වැනිදා දක්වා රක්ෂණ නියෝජිතයින්ට කල් ලබා දී ඇති බවයි.

බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලක් රජයට ලබා ගත හැකි වන්දිය ස්ටර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි.

ඊට එරෙහිව ලක් රජය විරෝධතා ගොනු කළේ ජනවාරි 29 වැනිදා ය.

-P.M

Last modified on Friday, 15 March 2024 09:17

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us