subash

subash

ජාතිය, ආගම භාෂාව සංස්කෘතිය ආර්ථිකය හෝ දේශපාලනය නොසළකා කාන්තාවන්ගේ සාර්ථකත්වයන් පිළිගැනීමට ලක් කෙරෙන ලෝක කාන්තා දිනය අද(08)ට යෙදී තිබේ. 

අද (08) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කැනඩාවේ අගනුවර ඔටාව හිදී ශ්‍රී ලංකික තරුණයෙකු විසින් තමන් රැදී සිටි නිවසේ ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර ඇත .

ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයේ ආහාර පිසීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ලාංකීය සූපවේදීන් පිරිස අද (07) උදෑසන යළි දිවයිනට පැමිණියහ.

ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ට රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතයි.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුඅවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

රතු මුහුදේදී දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Connet With Us