කැනඩාවම කම්පා කරමින් ශ්‍රී ලාංකීය පවුලක් දරුවන් සිවු දෙනෙකු සමග ඝාතනය වෙයි - කැනඩාවේ අගමැතිගෙන් ශෝක ප්‍රකාශ Featured

Published in පුවත්
Friday, 08 March 2024 07:54

කැනඩාවේ අගනුවර ඔටාව හිදී ශ්‍රී ලංකික තරුණයෙකු විසින් තමන් රැදී සිටි නිවසේ ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර ඇත .

මුළු මහත් කැනඩාව සේම ඔටාව අගනුවර වාසින්ද දැඩි කම්පනයට ලක් කරමින් 35 හැවිරිදි මව හා එම පවුලේ මාස දෙකේ කුඩා සිගිති දියණිය සේම හත් හැවිරිදි පුතා ද හතර හැවිරිදි දියණිය ද දෙහැවිරිදි දියණියද කුරිරු ලෙස ඝාතනය කර ඇත ..

ඊට අමතරව ඔවුන් සමග විසු 40 හැවිරිදි ශ්‍රී ලංකිකයෙකුද මෙලෙස ඝාතනය වී ඇත ..

එම පවුලේ පියාටද ඝාතකයා විසින් පිහි පහර එල්ල කර ඇති අතර පොලිසිය එම ස්ථානයට ලගා වනවිට තුවාල සහිතව ඔහු විසින් උදව් ඉල්ලමින් කෑගසමින් සිට ඇත ..පසුව පියාව පොලිසිය විසින් රෝහල් ගත කර ඇත .

ඔටාව පොලිසියේ හදිසි ඇමතුම් අංශයට රාත්‍රී 10.52 පළමු ඇමතුම හා ඒ සමග තවත් ඇමතුමක් ලැබී මෙසේ අපරධයක් සිදු වී ඇතැයි දැනුම් දී ආධාර ඉල්ලා ඇත .. කඩිනමින් ක්‍රියත්මක වූ පොලිස් නිලධාරීන් මිනිත්තු කීපයක් ඇතුලත නිවසට ලගා වනවිට පියා කෑ ගසමින් ලේ ගලන තුවාල සහිතව නිවසට ආසන්නයේ මාර්ගයේ වැටී සිට ඇත ..

වහාම ඔහුට ප්‍රතිකාර ලබා දෙන අතරතුර තවත් කණ්ඩයමක් නිවසට ඇතුළු වී ඇති අතර ඔවුන් දුටු දෙයින් පොලිස් නිලධාරීන් ද දැඩි කම්පනයට පත්ව ඇත .
එනම් 35 හැවිරිදි මව හා මාස දෙකේ සුරතල් දියණියත් එම පවුලේ හත් හැවිරිදි පුතා හා 4 හැවිරිදි හා වයස 2 ක් වූ දියණියද කුරුරු ලෙස කපා කොටා ඝාතනය කර තිබීමයි ...

ඒ වන විටත් නිවසේ රැදී සිටි 19 හැවිරිදි ෆෙබ්රියෝ ඩි සොයිසා නම් ඉගෙනුම් කටුයුතු සදහා කැනඩාවට මැතක පැමිණි එම නිවසේ කාමරයක රැදී සිටිමින් සිටි ඝාතකයාව ද වහාම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත .

මෙලෙ අවසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ 35 හැවිරිදි දර්ශනී ඩිලන්තික ඒකනායක නම් මව , 7 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ නම් පුතා, 4 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ දුව ,2 හැවිරිදි රින්යාන වික්‍රමසිංහ දුව ,මාස දෙකක් වූ කෙලි වික්‍රමසිංහ නම් සුරතල් දියණියයි .
එසේම ඔවුන් සමග එම නිවසේ වාසය කරමින් සිට ඈති 40 හැවිරිදි ගාමිණී අමරකෝන් ද මෙම කුරිරු ඝතකයා විසින් ඝාතනය කර ඇත ..

එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද පිහි ප්‍රහාර වලට ලක්ව ඇති අතර පොලිසිය විසින් ඔහු රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බවට වාර්තා වේ .

මෙම වික්‍රමසිංහ පවුලේ මැතක ශ්‍රී ලංකාවේ සිට කැනඩාවේ ඔටාව ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔවුන්ගේ මාස දෙකේ දියණිය ඉපදී ඇත්තේ කැනඩාවේදී වන අතර ඉතිරි දරුවන් ශ්‍රී ලංකාවේ සිට දෙමාපියන් සමග කැනඩාවට පැමිණ ඇත.

ඝාතනය වූ ගාමිණී අමරකෝන් ද කුලී පදනම ද එම නිවසේ වාසය කර ඇත . එසේම මෙම ඝාතන සිදු කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් 19 හැවිරිදි ෆෙබ්රියෝ ඩි සොයිසා ඉගෙනුම් කටුයුතු සදහා කැනඩාවට මැතක පැමිණි ඇති අතර මෙම නිවසේ කුලියට වාසය කර ඇත .

මෙතෙක් ඔහු විසින් මෙම කුරිරු ඝාතන සිදු කිරීමට අදාල හේතුව සදහන් කර නොමැති අතර ඔහු ඝාතනයන් සිදු කිරීමට යොදාගත් ආයුධය පොලිසිය ඔහු සමග අත්අඩංගුවට ගෙන තිබුණි ..

පොලිසිය විසින් ඔහුව බ්‍රහස්පතින්දා සවස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 14 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇති අතර එසේම පොලිසියේ ඉල්ලීම පරදී පුද්ගලයින් 5 දෙනෙකු සමග සබදතා කුමන අයුරුකින් හෝ පැවැත්වීම තහනම් කර ඇත .

අහිංසක පවුලකට සිදු වූ වූ මෙම අවසනාවන්ත සිදුවීම සම්බන්ධව තමන්ගේ දැඩි ශෝකය ප්‍රකාශ කරමින් කැනඩා අගමැති වරයා සේම ඔටාව නගරාධිපති වරයාත් නිවේදන නිකුත් කර තිබුණි .

එසේම මෙම සිදුවීම ඔටාව ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ දැඩි ශෝකයට හා කම්පනයට හේතු වී ඇත .

දශක තුනක පමණ කාලයකදී ඔටාවා හි මෙවැනි ඝාතනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන බව එරට නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

CANADA1CANDA 3

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us