වාහන ගන්න ඉන්න අයට ආරංචියක්

Published in පුවත්
Thursday, 07 March 2024 17:43

ලෝකයේ විදයුත් වාහන වෙළෙඳපොළේ කිරුළ හිමිකරගෙන සිටින චීනයේ BYD දැන් නව වෙළෙඳපොළ අතික්‍රමණය කරමින් සිටින බව වාර්තා වෙයි. 

2015 හෝ 2016 කාල වකවානුවේ ජපානයේ නිසාන් පරදවා ලෝකයේ විද්‍යුත් වාහන වෙලෙඳපොළ අංක 1 බවට පත්වීමට ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් වාහනය සමත් වුණි. 

එතැන් පටන් විද්‍යුත් වාහන ක්‍ෂේත්‍රයේ අසහාය ප්‍රමුඛයා බවට පත් වූ ටෙස්ලා පසුකර BYD ප්‍රමුඛස්ථානයට පත් වුණේ පසුගිය 2023 වසරේ හතරවැනි කාර්තුවේදීය. 

පසුගිය වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා එම කාල සීමාවේදී ටෙස්ලා අලෙවි කළ විද්‍යුත් වාහන 484,000 ට සාපේක්ෂව විද්‍යුත් වාහන 526,409ක් අලෙවි කරමින් BYD පෙරමුණට පැමිණියේය.

එහෙත් සමස්ත 2023 වසර ගත් විට ටෙස්ලා වාහන මිලියන 18.1ක් අලෙවි වද්දී BYD වාහන අලෙවි වී ඇත්තේ මිලියන 1.57කි. 

එහෙත් පෙට්‍රල් ඉන්ධන හෝ බැටරි යන දෙආකාරයෙන්ම ධාවනය කළ හැකි වාහන සැලකු විට BYD වාහන මිලියන 3.01ක් පසුගිය 2023 වසරේදී අලෙවිකර තිබේ. 

BYD විද්‍යුත් වාහන නිෂ්පාදනය 2023 වසරේදී 73%කින් වර්ධනයවෙද්දී ටෙස්ලා නිෂ්පාදනය වර්ධනය වී ඇත්තේ 38%කිනි.

චීන විද්‍යුත් වාහන දැවැන්තයන් BYD පසුගිය මාස 18ක කාලය තුළ සීඝ්‍ර ගෝලීය ව්‍යාප්තියක් පෙන්නුම් කළ බව පෙනී යයි. 

ඒ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි නව වෙළෙඳපොළ වෙත ද පිවිසෙමිනි. 

විශේෂයෙන් ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළේ විද්‍යුත් වාහන සඳහා සීමාවන් අවම වීමත්, ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීමත්, BYD වාහනවලට වාසිදායක තත්ත්වයකි.

පරිසර දූෂක වායු විමෝචනය අවම කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගනිද්දී ඔස්ට්‍රේලියාවේ විද්‍යුත් වාහනවලට පවතින ඉල්ලුමත් ඉහළ ගොස් තිබේ. 

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ නව වාහනවලින් විද්‍යුත් වාහන ප්‍රතිශතය 3.1%ක් වුවත් 2023 වසරේදී එය 7.2% දක්වා ඉහළ ගොස් තිබේ. 

2022 වසරේ ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළට පිවිසි BYD වාහන අලෙවිය පසුගිය 2023 වසරේ හය ගුණයකින් වර්ධනය වී ඇත්තේ වාහන 12,000කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කරමිනි. 

ඩොලර් 20,000ක හැච්බැක් මාදිලිවල සිට ෆෝ-වීල් සහ සුඛෝපභෝගී මාදිලි දක්වා විද්‍යුත් වාහන පෙළක්ම වෙළෙඳපොළට නිකුත් කිරීම BYD විද්‍යුත් වාහන අලෙවිය ඉහළයාමට තවත් හේතුවකි. 

ඊට සාපේක්ෂව ටෙස්ලා 2023 වසරේ අළුතින් වෙළෙඳපොළට ඉදිරිපත් කළේ ඩොලර් 45,000ක් පමණ වන සයිබර් ට්‍රක් රථය පමණකි. 

යාවත්කාලීන කළ ටෙස්ලා මොඩල් ත්‍රී (Model - 3) සෙඩාන් මෝටර් රථය 2023 වසර අගභාගයේදී ඔස්ට්‍රේලියාව, යුරෝපය සහ චීනයේ දියත් කළත් තවමත් ටෙස්ලා මවුභූමිය වන උතුරු අමෙරිකාවට පැමිණ නොමැත. 

මේ අතර BYD සුඛෝපභෝගී විද්‍යුත් මෝටර් රථය දැන් ඉන්දියාවේ දියත් කර තිබේ. 

BYD මෝටර් රථ 1877ක් 2023 වසරේ ඉන්දියාවේ අලෙවි වී ඇත්තේ පෙර වසරට සාපේක්ෂව 314%ක වර්ධනයක් සළකුණු කරමිනි. 

එමෙන්ම BYD ෆෙරාරි වැනි සන්නාම මෙන් ඉහළ අන්තයේ ගනුදෙනුකරුවන් ඉලක්ක කරගනිමින් පැයට කිලෝමීටර් 300 දක්වා වේගයෙන් අත්කරගත ඩොලර් 233,000ක සුපර් කා (Super car) නැත්නම් සුපිරි මෝටර් රථයක්ද පසුගියදා වෙළෙඳපොළට නිකුත් කළේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us