අම්බානිගේ මංගල්‍යට කෑම පිසූ ලාංකීය සූපවේදීන් අද දිවයිනට - ප්‍රතිචාරත් ඉහළයි

Published in පුවත්
Thursday, 07 March 2024 12:19

ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයේ ආහාර පිසීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ලාංකීය සූපවේදීන් පිරිස අද (07) උදෑසන යළි දිවයිනට පැමිණියහ.

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ විවාහ මංගල උත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් ගුජරාටි ප්‍රාන්තයේදී පැවැත්වුණි.

එම විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සඳහා ලංකාවේ සූපවේදීන් 13 දෙනෙකු එක්ව සිටි අතර, ඔවුන් Citrus හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ Citrus හෝටලයේ Ceylon Curry Club අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි.

මෙම සූපවේදීන් පිරිස පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබිණි.

මොවුන් අවන්හල තුළ දී ලංකාවටම ආවේනික වූ ආහාරපාන, නවතම ක්‍රමවලට පිළියෙල කර පාරිභෝගිකයින්ට ලබාදී තිබේ.

මෙම සූපවේදීන් 13 දෙනා අතර එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටී.

මොවුන් මාර්තු 3 වනදා ආනන්ත් අම්බානිගේ විවාහ මංගල උත්සවයට සහභාගී වන පිරිස සඳහා දිවා ආහාරය පිළියෙල කර ඇති අතර, ඔවුන්ගේ ආහාර සඳහා ලැබුණු ප්‍රතිචාර හේතුවෙන් තවත් අතිරේක දිනයක් ලෙස මාර්තු 4 වන මංගල උත්සව පැවති දින රාත්‍රියේ ද ආහාර පිළියෙල කරන වගකීම පැවරී තිබිණි.

මෙම විවාහ මංගල්‍යය උත්සවය ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ "ජාම්" නගරයේ දී අම්බානි මහතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක දී පැවැත්වුණි.

විවාහ මංගල උත්සවය සඳහා ශ්‍රී ලාංකික සූපවේදීන්ට අමතරව එංගලන්තය, ඩුබායි, චීනය සහ ඉන්දියාව නියෝජනය කරමින් ද පිරිසක් එක්ව සිටියහ.

මෙම සූපවේදීන් පිරිස අද උදෑසන 6.20ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ambani

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us