අස්වැසුම හරහා සිදුකරන දීමනා ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි

Published in පුවත්
Thursday, 07 March 2024 10:36

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගෙවීම් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ආධාර ලබන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් 410,000ක් සඳහා මාසිකව රුපියල් 7,500 බැගින් දීමනාවක් ද වකුගඩු ආධාර ලබා පුද්ගලයින් 50,000ක් සඳහා රුපියල් 7,500 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතය.

ඊට අමතරව වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් 820,000ක් සඳහා රුපියල් 3,000 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතව තිබේ.

මෙම දීමනා මේ වසරේ අප්‍රේල් මස පළමු වන දින සිට 2025 වසරේ මාර්තු 03 වන දින දක්වා ගෙවීම් සිදුකළ යුතු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us