රතු මුහුදේදී නෞකාවකට හූති ප්‍රහාරයක් ! 3ක් මරුට - කිහිපයකට බරපතලයි - නෞකාවේ සිටි ලාංකිකයන් ගැන සොයන්න විමර්ශන ඇරඹේ

Published in පුවත්
Thursday, 07 March 2024 09:39

රතු මුහුදේදී දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කළේ, ඉන් තවත් 4 දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ මුහුදේදී බාබඩෝස් ධජය සහිතව යාත්‍රා කළ නෞකාවට ප්‍රහාර එල්ල වී තිබුණි.

ප්‍රහාරය එල්ල වනවිට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහ පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් යොමු කළ ආරක්ෂක සාමාජිකයින් තුන්දෙනෙකු සිට ඇත.

ඒ අතරින් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයින්ය. නේපාල ජාතිකයෙකු ද ඒ අතරට ඇතුළත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

වියට්නාම ජාතිකයින් 4ක්, පිලිපීන ජාතිකයින් 15ක් සහ ඉන්දියානුවෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සිටි. අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේ, යාත්‍රාව ගිනි ගනිමින් ඇති බවයි.

නෞකාවේ සිටි සෙසු සාමාජිකයින් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බව ද විදෙස් මාධ්‍ය පැවසීය.

ගාසා තීරයේ පවතින ඊශ්‍රායලය සහ හමාස් යුද ගැටුම්වල දී පලස්තීනුවන්ට සහය පළකිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති කැරලිකරුවන් පෙන්වාදෙයි.

කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් එහි කාර්යය මණ්ඩල සාමාජිකයින් මියගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

එහි සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සහ විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටින්නේ මේ වන විට ප්‍රහාර එල්ල වූ නෞකාවේ සිටි ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබා ගනිමින් ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us