subash
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය හෙට නිකුත් කිරීමට නියමිතයි.
සාක්කු තර කරගත් මහබැංකු නිලධාරීන්ට වැඩ වරදීද ? තීරණය හෙට
මහත් ආන්දෝලනයකට තුඩු දෙන ආකාරයට සියයට හැත්තෑවකින් වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු බලධාරින් හෙට (04) දිනයේ කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබෙන බව වාර්තා වනවා.
යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන්න සුදානමක්
සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර සිටිනවා.
මාර්තු මස 05 වනදා ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලන්සු කැදවීම සිදු කිරීමට නියමිතයි.
වර්ජනය නවතා රාජකාරීයට වාර්තා නොකළහොත් දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ට වෛද්‍ය බලපත්‍ර අහෝසියි
වර්ජනයේ නිරත කනිෂ්ඨ වෛද්‍යවරු අද (29) දිනයේ එම වර්ජනය නවතා රාජකාරී සඳහා වාර්තා නොකළහොත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කරන බවට දකුණු කොරියානු රජය අනතුරු අඟවයි.
ගබ්සා කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කිරීමේ යෝජනාව ප්‍රංශ සෙනෙට් සභාව අනුමත කර තිබේ.
HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
