subash

subash

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන් තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද(28) රැස්වෙයි.

29 වැනි සුමති සම්මාන උළළේ "කොඩි ගහ යට" ටෙලි නාට්‍ය හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වුවත් එහි සුවිශේෂී රංගනයක් ඉදිරිපත් කළ නිදීශා හේමමාලිට ඒම උළෙලට සහභාගී විම සඳහාවත් ආරාධනා නොකිරීම ගැන ඇය සිය ෆේස්බුක් ගිණුවෙහි සටහනත් යොදා තිබුණා.

ලබන මාර්තු මස 7 වැනි දින පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කළ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

ආහාර මත පනවා ඇති බද්ද ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

‍වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ඔස්ට්‍රේ­ලියා සමා­ගම මෙරට වෙළෙ­ඳ­පො­ළට ඛනිජ තෙල් නිෂ්පා­දන සැප­යීම සඳහා බල­ශක්ති අමා­ත්‍යාං­ශය සමඟ ගිවි­සුම්ගත වී තිබෙන බව වාර්තා වනවා.

නව ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

Connet With Us