subash
රිය අනතුරු අවම කරන්න ආයතන 54 කින් යෝජනා - බීමතින් රිය පැදවුවන් 125කුත් අත්අඩංගුවට
රිය අනතුරු අවම කර ගැනීම සඳහා ආයතන 54 කින් යෝජනා ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධුරයට
ගාළු මුවදොර අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්ධය ලෙස විවේචනය කළ පුද්ගලයෙකුට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධූරය ලබාදීමට යාම පිළිබඳව දැඩි සේවක විරෝධතාවයක් මතු වෙමින් තිබේ.
ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළ ලංවිම මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්න
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා බොරැල්ල පොලිසියට නියෝග කරමින් දන්වා සිටියේය.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව අද මහජන උපයෝගිතා කොමිසමට
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව අද (22) දින මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මිනිස් සිරුරට ප්‍රබල හානි කරන තත්ත්වයක් ඇති රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය ආලේපන තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ප්‍රාථමික අංශවල සිසුන්ට ලබන මස සිට නොමිලේ ආහාර වේලක්
ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකු සඳහාම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
උණුසුම දැඩිවේ - දිස්ත්‍රික්ක 6කට අවවාදාත්මක නිවේදනයක්
දිස්ත්‍රික්ක 6කට අද (22) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
රටම කම්පා කළ ලක්මිණිගේ රිය අනතුර ගැන විස්තර මෙන්න -අවසන් කටයුතුත් අදයි
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක බත්තරමුල්ල වික්‍රමසිංහපුර දී ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
