ප්‍රාථමික අංශවල සිසුන්ට ලබන මස සිට නොමිලේ ආහාර වේලක්

Published in පුවත්
Thursday, 22 February 2024 08:40

ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකු සඳහාම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17කට එම ආහාර වේල ලබා දෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, උදෑසන 7.30 ට ආහාර වේල ළමයින්ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මන්ද පෝෂණයට ගොදුරු දරුවන් සම්බන්ධයෙන් මෑත කාලීනව සෞඛ්‍ය අංශ කළ අනාවරණයන් පිළිබඳ සලකා බලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 16.6 කි.

අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කළ ආහාර වට්ටෝරුවකට අනුව ආහාර වේල සකස් කෙරෙන අතර එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අධීක්ෂණය කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us