රිය අනතුරු අවම කරන්න ආයතන 54 කින් යෝජනා - බීමතින් රිය පැදවුවන් 125කුත් අත්අඩංගුවට

Published in පුවත්
Saturday, 24 February 2024 09:40

රිය අනතුරු අවම කර ගැනීම සඳහා ආයතන 54 කින් යෝජනා ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.


ඔහු පැවසුවේ, පාසල් 12 කින්, විශ්වවිද්‍යාල 19 කින් හා වෙනත් ආයතන 2 කින් විවෘත යෝජනා 8 ක් ලැබී ඇති බවයි.

පදිකයින්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම රිය අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ සඳහා විසඳුම් ඒ අතර වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කළ රියැදුරන් 125 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
ඔහු පැවසුවේ, දකුණු පළාතේ හා අධිවේගී මාර්ගවල මත්ද්‍රව්‍ය භාවිතා කර රථ වාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක බවයි.

එහි සාර්ථකත්වය මත එය දිවයිනපුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us