න්‍යෂ්ටික බලශක්ති උත්පාදනයට අවශ්‍ය නීති සැකසීම සිදුවෙයි.

Published in පුවත්
Thursday, 22 February 2024 15:05

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නීති රීති සකස් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව මෙම වසරේ (2024) ජුනි මාසය වන විට එම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ (SLAEB) සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පවසයි. ජාත්‍යන්තර සන්දර්භය තුළ ක්‍රියාත්මක වන අදාළ නීතිමය සහ නියාමන රාමු සැලකිල්ලට ගෙන මෙම කමිටු වාර්ථාව සැකසෙන බවත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය සඳහා පියවර ගන්නේ නම්, දැනට පරමාණුක බලශක්තිය යොදාගැනීම බල රහිත කිරීම වෙනුවෙන් 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත මඟින් පනවා තිබෙන නීති සංශෝධනය කිරීමට කිරීමට සිදු ඇත.

වෛද්‍ය, පාරිසරික, කෘෂිකාර්මික, කාර්මික සහ වෙනත් සාමකාමී අරමුණු සඳහා සහ ජාතික සංවර්ධනය සඳහා අවශ්‍ය වන පරිදි විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව සඳහා විකිරණශීලී ද්‍රව්‍ය සහ අයනීකරණ විකිරණ භාවිතය කිරීමට ඉඩ සලසන ලෙස වෙනත් රටවල නීතිමය සහ නියාමන රාමු පිළිබඳව කමිටුව සොයා බලන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවට ගැළපෙන නීති සහ රෙගුලාසි සැකසීම කමිටුවේ අරමුණ බවත් මහාචාර්ය රෝසා සඳහන් කරයි.

මාස කිහිපයකට පෙර වැඩ ආරම්භ කරන ලද මෙම කමිටුව (SLAEB),අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC), නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන විශේෂඥයින් සහ නිලධාරීන් ඇතුළත් වේ.

මෙරට වැඩිවන බලශක්ති ඉල්ලුමට පිළියමක් ලෙස රුසියාවේ සහාය ඇතිව වෙරළාසන්න හෝ අක්වෙරළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම පිළිබඳ මේවන විට යෝජනාවක්ද සාකච්ඡාකරමින් තිබේ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us