මියන්මාරයේ සිරගත කර සිටින ලාංකිකයින් මුදා ගැනීමට සාකච්ඡා

Published in පුවත්
Saturday, 24 February 2024 09:51

මියන්මාර්, මියවඩ් ප්‍රදේශයේ සිරගත කර සිටින ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් පැවසුවේ, ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව එහිදි අවධාරණය කෙරුණු බවයි.

ලාංකිකයින් මුදා ගැනීම සඳහා මියන්මාර රජයට අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතාවක් මතුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ අතර, මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගෙන දිවයිනට ගෙන්වා ගැනීමට සහය දෙන බව පොරොන්දු වෙමින්, අදාළ පවුල්වලින් මුදල් ලබා ගැනීමේ කටයුතුවල ඇතැම් පුද්ගලයින් නිරතවන බවට තොරතුරු වාර්තාවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යංශය දැනුම් දෙන්නේ, එවැනි පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් වන ලෙසයි.

මේ අතර, අදාල ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා මැදිහත් වන්නැයි විදේශ අමාත්‍ය අලි සබ්‍ර් මහතා, මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us