කොඩි ගහ යට නදීෂාට නොකියා සම්මාන බෙදලා Featured

Published in කලා
Wednesday, 28 February 2024 00:38

29 වැනි සුමති සම්මාන උළළේ "කොඩි ගහ යට" ටෙලි නාට්‍ය හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වුවත් එහි සුවිශේෂී රංගනයක් ඉදිරිපත් කළ නිදීශා හේමමාලිට ඒම උළෙලට සහභාගී විම සඳහාවත් ආරාධනා නොකිරීම ගැන ඇය සිය ෆේස්බුක් ගිණුවෙහි සටහනත් යොදා තිබුණා.

'' 29 වැනි සුමති සම්මාන උළෙල පසුගියදා බොහොම ආන්දෝලාත්මක තීන්දු තීරණ සමඟින් නිමාවට පත්විය. කෙසේ කොහොම නමුත් කලාකරුවන් සහ කලා නිර්මාණ අගයමින් සම්මාන උළෙලන් පැවැත්වීම අප කිසිවිටෙකත් අවතක්සේරුවට ලක් කරන්නේ නැත. වේදිකාව මත ඇගයීමට ලක්වන සහෝදර කලාකරුවන් සමඟ ඒ සතුට බෙදා හදා ගන්නට අප එක්වන්නේද හද පිරි සතුටිනි. රාජ්‍ය මැදිහත්වීමෙන් හෝ පෞද්ගලික මැදිහත්වීමෙන් හෝ සම්මාන උලෙළ පැවැත්වීම පිළිබඳ කලාකරුවෙක් හැටියට අපට ඇත්තේ විශාල සතුටක්.

සාමාන්‍යයෙන් මම සම්මාන උළෙලන් ගැන පසු විවේචන කරන කෙනෙක් නෙවෙයි. ඒත් මට මේ ගැන කතා කරන්නට සිදුවූයේ කලා ක්ෂේත්‍රයේ මා හිත මිතුරන් සේම මා හට ආදරය කරන රසික හිතවතුන් මේ දිනවල මගෙන් විමසා සිටින පැනයක් නිසාවෙනි. එනම් මම කලකට පසුව රඟපෑ "කොඩි ගහ යට" ටෙලි නාට්‍ය හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම ටෙලිනාට්‍ය ලෙස තේරී පත්වූ මොහොතේ මා එතන නොසිටියේ මන්දැයි නිරන්තරයෙන් විමසා සිටි බැවිනි.

සම්මාන උළෙල නිම වී දින කිහිපයක් ගත වී ඇතත් ඒ විමසීමෙහි තවමත් අඩුවක් නැති නිසා යමක් කිව යුතු යැයි සිතූ නිසා මේ ටික ලියන්නට සිතුවෙමි. ඇත්තටම මම සම්මාන උළෙලට නොගියා නෙමෙයි. මට සම්මාන උළෙලට ආරාධනාවක් ලැබුණේ නැහැ. මම දන්නෙ නැහැ ඒ ඇයිද කියලා. සාමාන්‍යයෙන් මම දන්න විදිහට සම්මාන උළෙලන් සංවිධානය කිරීමේදී උළෙලට කලින් ආරාධනා පත්‍ර යවමින් එන නොයන බව විමසීම පවා සිද්ධ කරනවා. මේ සම්මාන උළෙලේදී බොහෝ ප්‍රවීණ කලාකරුවන් වගේම නිර්දේශිත ශිල්පීන්ට පවා ආරාධනා කිරීම පැහැර හැර තිබීම කණගාටුවට කරුණක්. මට ආරංචි විදියට හොඳම අධ්‍යක්ෂ නාමාවලිය යටතේ නිර්දේශිත ප්‍රසන්න ජයකොඩි මහතා පවා අමතක වීම ඇත්තටම ගැටළු සහගතයි.

කලාකරුවන්ගේ කලා මංගල්‍යයට කලාකරුවන් අමතක වී ගියත්, ව්‍යාපාරිකයන් නම් පවුල් පිටින් සහභාගී වූ බව ආරංචියි. ඇත්තටම මෙය සංවිධායකවරුන් හිතාමතා හෝ නොසැලකිල්ලෙන් සිදුවූවක්ද ,නැතහොත් කාගේ හෝ ඕනෑ එපාකම් ඉෂ්ඨ කළාද යන ප්‍රශ්නාර්ථය මට නැතුවාම නොවේ. මෙන්න මේ කාරණාව නිසා තමයි හිතවතුනි, එදා මම සුමති සම්මාන රාත්‍රියේ දකින්නට නොසිටියේ.

නදීෂා හේමමාලි "

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us