ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව විසින් ඊයේ (28) පැවති ඡන්ද විමසීමේ දී අදාළ අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් හිමිව ඇති අතර ඊට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 50ක් පමණයි.
1974 වර්ෂයේ සිට ගබ්සාව ප්‍රංශයේ නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළව මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
අදාළ යෝජනාව පහෙන් තුනක බහුතරයික් සම්මත වී ඇති බැවින් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
-P.M